මංගලයාන් අඟහරු බලා ගමන් අරඹයි

මංගලයාන් අඟහරු බලා ගමන් අරඹයි

මංගලයාන් අඟහරු බලා ගමන් අරඹයි

කර්තෘ Sagarika Chathumali

01 Dec, 2013 | 4:30 pm

ඉන්දියාවේ කුළුඳුල් අඟහරු ගවේෂණ යානය සාර්ථකව පෘථිවි කක්ෂයේ සිට අඟහරු බලා අද අලුයම ගමන් ආරම්භ කළේ ය.

පසුගිය නොවැම්බර් 5 වන දා පෘථිවියෙන් ගමන් ඇරඹූ මංගලයාන් යානය මෙතෙක් පෘථිවි කක්ෂය වටා ගමන් කරමින් තිබූ අතර එහි මී ළඟ අදියර ලෙස අඟහරුගේ කක්ෂය දක්වා ගමන් කිරීම ආරම්භ වූයේ, ඊයේ මධ්‍යම රාත්‍රිය පසු වී තත්පර 23ට ය.

දින 300යක අභ්‍යවකාශ ගමනකින් පසු ලබන වසරේ සැප්තැම්බර් 24 වන දා එය අඟහරු වෙත ළඟා වනු ඇති බවට විශ්වාසය පළ කර තිබේ.

මංගලයාන් යානය කිලෝමීටර් මිලියන 750ක දුරක් ගෙවීමට නියමිත ය.

එම අඟහරු සංචාරය  සාර්ථක කර ගැනීම සඳහා සේවයේ යෙදී සිටින විද්‍යාඥයින් සංඛ්‍යාව 250කි.

විද්‍යාඥයින් පවසන්නේ, මෙම ගවේෂණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ, යානය අඟහරු ග්‍රහයාගේ කක්ෂයට ඇතුළු වීමෙන් අනතුරුව බව ය.

පසු ව එය අඟහරු ග්‍රහයා වටා මාස 6ක් පරිභ්‍රමණය වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් කිසිඳු රටක් මෙතෙක් සිය ප්‍රථම  අඟහරු ගවේෂණය සාර්ථක කර ගෙන නොමැත.

චීනය 2011 වසරේදී ත් ජපානය 1998 වසරේදී ත් අඟහරු ගවේෂණයට ගත් උත්සාහයන් අසාර්ථක විය.

ඉන්දියාව සිය කුළුඳුල් අඟහරු ගවේෂණ වැඩසටහන සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 450කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]