නිව්යෝර්ක්හි දුම්රිය අනතුරින් 4 දෙනෙකු මරුට

නිව්යෝර්ක්හි දුම්රිය අනතුරින් 4 දෙනෙකු මරුට

නිව්යෝර්ක්හි දුම්රිය අනතුරින් 4 දෙනෙකු මරුට

කර්තෘ Sagarika Chathumali

01 Dec, 2013 | 8:43 pm

අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 4දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, අනතුරින් පුද්ගලයින් 67දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

නිව්යෝර්ක්හි දකුණු දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රිය වංගු සහිත ස්ථානයකදී පෙරළී ඇතැයි නිව්යෝර්ක් පොලිස් ප්‍රධානී රේ කෙලී පැවසී ය.

අනතුරට පත්වූවන් මුදා ගැනීම සඳහා සහන සේවකයින් 100දෙනෙකුට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.

මාධ්‍ය වාර්තා කළේ, දුම්රිය පීලි පනින අවස්ථාවේ එහි මගීන් 100දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව ය.

අනතුර හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය පැය කිහිපයක් ඇනහිට තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]