මුහුදු යාමෙන් වළකින්නැයි, ධීවරයින්ට උපදෙස්

මුහුදු යාමෙන් වළකින්නැයි, ධීවරයින්ට උපදෙස්

කර්තෘ Sagarika Chathumali

01 Dec, 2013 | 10:11 pm

ගාල්ල සිට මඩකලපුව හරහා යාපනය දක්වා වූ ප්‍රදේශයෙන් මුහුදු නොයන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් ඉල්ලා සිටී.

ඒ, දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවලට අද මිලිමීටර් 150ක පමණ වැසි අපේක්ෂා කළ හැකි බව ය.

අද උදෑසන 8න් අවසන් වූ ගත වු පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනය වූ  මිලිමීටර් 87. 3  පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා  විය.

ගම්පහින් මිලිමීටර් 68.6ක වර්ෂාපතනයක්හා මිලිමීටර් 60.6ක වර්ෂාපතනයක් කොළඹින් වාර්තා විය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ උතුර නැගෙනහිර සහ ඌව පළාත්වල නිරන්තරයෙන් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලින් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි වර්ධනය විය හැකි බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]