ත්‍රීරෝද රථයක් වාහන දෙකක ගැටෙයි: අයෙකු මරුට

ත්‍රීරෝද රථයක් වාහන දෙකක ගැටෙයි: අයෙකු මරුට

ත්‍රීරෝද රථයක් වාහන දෙකක ගැටෙයි: අයෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

01 Dec, 2013 | 8:32 am

රත්නපුර, පැල්මඩුල්ල මාර්ගයේ 104 වැනි කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, ත්‍රීරෝද රථයක් මෝටර් රථයක සහ බස් රථයක ගැටීමෙන් ඊයේ පස්වරුවේ එම අනතුර සිදුව ඇති බව ය.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් දෙ‍දෙනෙකු ද වේ.

ඔවුන් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව‍ පොලීසිය ප්‍රකාශ කළේය.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ සහ බස් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]