ගුද මාර්ගයේ රත්‍රං සඟවා රට පනින්න හැදූ කාන්තාව අත්අඩංගුවට

ගුද මාර්ගයේ රත්‍රං සඟවා රට පනින්න හැදූ කාන්තාව අත්අඩංගුවට

ගුද මාර්ගයේ රත්‍රං සඟවා රට පනින්න හැදූ කාන්තාව අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

01 Dec, 2013 | 7:00 pm

ගුද මාර්ගයේ රත්‍රං බිස්කට් දෙකක් සඟවා ගෙන විදේශගත වීමට උත්සාහ කළ කාන්තාවක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක හා නීති අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ, කාන්තාවක් ගුද මාර්ගයේ රත්‍රං බිස්කට් සඟවාගෙන යාමට උත්සාහ කළ ප්‍රථම අවස්ථාව මෙය බව ය.

රත්‍රං බිස්කට්වලට අමතරව අදාළ සැකකාරිය පැළඳ සිටි නිම නොකළ වළලු 3ක් සහ මාලයක් ද රේගු භාරයට ගෙන තිබේ.

ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ, ඇය සන්තකයේ තිබූ රත්‍රංවල බර කිලෝග්‍රෑම් 346ක් වන අතර එහි වටිනාකම රුපියල් 17 ලක්ෂ 30ක් බව ය.

එම කාන්තාව මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා අදාළ ග්‍රෑම් 116 බැගින් වූ රත්‍රං බිස්කට් දෙක සොයා ගත් බව ඔහු පැවසීය.

සැකකාරිය වත්තල මා බෝල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]