ඒඩ්ස් රෝගයෙන් ලංකාවේ 337ක් මරුට

ඒඩ්ස් රෝගයෙන් ලංකාවේ 337ක් මරුට

කර්තෘ Chathuranga Rajapaksha

01 Dec, 2013 | 7:45 am

ලෝක ඒඩ්ස් මර්දන දිනය අදට යෙදී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ, ලොව පුරා ඒඩ්ස් ආසාදිතයින් මිලියන 35ක් සිටින බව ය.

ඒඩ්ස් රෝගයේ වැඩිම ව්‍යාප්තිය අප්‍රිකානු කලාපයේ රටවල්වල පවතින බවට හෙළි වී තිබේ.

ඒඩ්ස් රෝගය වැළදීමෙන් මෙරට පුද්ගලයින් 337 දෙනෙකු මියගොස් තිබෙන බව ඒඩ්ස් මර්දන හා ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

ඔහු පැවසුවේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් වැළකීමෙන් ඒඩ්ස් රෝගයෙන් වැළකිය හැකි බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]