අධිවේගයේ හොරෙන් ගිය යතුරු පැදිකරුවෙකු වෑන් රියක ගැටෙයි

අධිවේගයේ හොරෙන් ගිය යතුරු පැදිකරුවෙකු වෑන් රියක ගැටෙයි

අධිවේගයේ හොරෙන් ගිය යතුරු පැදිකරුවෙකු වෑන් රියක ගැටෙයි

කර්තෘ Chathuranga Rajapaksha

01 Dec, 2013 | 1:03 pm

දක්ෂිණ අධිවේගී මාර්ගයට නීති විරෝධීව ඇතුළු වී යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකු වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා තිබේ.

පොලීසිය ප්‍රකාශ ක‍ළේ, ඔහු මාර්ගයේ රාජකාරි සඳහා නිලධාරීන්ට ප්‍රවේශ වීමට ඇති මග ඔස්සේ පිවිස කොළඹ දෙසට ඇති මංතීරුවේ ගාල්ල දෙසට අද අලුයම එම යතුරු පැදිය ධාවනය කර ඇති බව ය.

කිලෝ මීටර් 2ක් පමණ යතුරු පැදිය ධාවනය කරමින් සිටියදී කොළඹ දෙසට ධාවන වූ වෑන් රථයක එය ගැටී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

එහිදී තුවාල ලැබූ යතුරුපැදිකරු මේ වනවිට කළුතර නාගොඩ ‍රෝහලට ඇතුලත් කර තිබේ.

එලෙස අධිවේගී මාර්ගයට නීතිවිරෝධීව ඇතුළු වී ඇත්තේ අළුත්ගම ධර්ගා නගරයේ පදිංචිකරු‍වෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]