ස්කොට්ලන්ත හෙලිකොප්ටර් යානයක් වහලයක ගැටෙයි

ස්කොට්ලන්ත හෙලිකොප්ටර් යානයක් වහලයක ගැටෙයි

ස්කොට්ලන්ත හෙලිකොප්ටර් යානයක් වහලයක ගැටෙයි

කර්තෘ Sagarika Chathumali

30 Nov, 2013 | 8:51 am

ස්කොට්ලන්තයේ පොලිස් හෙලිකොප්ටර් යානයක් ග්ලැස්ගොව් හි අවන්හලක වහලයේ ගැටීමෙන් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා  කරයි.

ග්ලැස්ගොව් හි පොලිස් ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ, අනතුරින් පසු විශාල පිරිසක් අවහන්හල තුළ සිරවී සිටින බැවින් තුවාලකරුවන් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ය.

කෙසේ වෙතත් හෙලිකොප්ටර් යානය ගැටුණු අවහන්හල පිහිටි ගොඩනැගිල්ල මේ වන විට ත් සම්පුර්ණයෙන් ම දුමාරයෙන් පිරී පවතින බව විදෙස් වාර්තා සඳහන් පවසයි.

එම වාර්තා වැඩි දුරට ත් සඳහන් කරන්නේ අනතුරු සිදුවන විට අවහන්හ‍ල තුළ පුද්ගලයින් 120 දෙනෙකු පමණ රැඳි සිට ඇති බව ය.

ඔවන්ගෙන් බහුතරයක් වහා ම ඉන් පිටවී ඇතත් සුන්බුන් අතර සිරවී සිටින්නන් පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කිරිමට බලධාරීන් සමත්ව නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]