මගීන් 34ක් රැගත් මොසැම්බික් යානයක් අතුරුදන්

මගීන් 34ක් රැගත් මොසැම්බික් යානයක් අතුරුදන්

මගීන් 34ක් රැගත් මොසැම්බික් යානයක් අතුරුදන්

කර්තෘ Sagarika Chathumali

30 Nov, 2013 | 7:21 am

මගීන් 34 දෙනෙකු රැගෙන ඇන්ගෝලාව බලා පියාසර කරමින් තිබූ මොසැම්බික් ගුවන් යානයක් අතුරුදන් ව තිබේ.

ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ, ගුවන් නියමුවා අවසන් වරට උතුරු නැමිබියාවේදී පාලන මධ්‍යස්ථානය අමතා ඇති බව ය.

කෙසේ වෙතත් කිසියම් කාර්මික දෝෂයක් හේතුවෙන් එය උතුරු නමීබියාවේ රුන්ඩෝ පළාතේ ගොඩ බස්වා ඇති බවට මොසැම්බික් රාජ්‍ය බලධාරීහු සැක පළ කරති.

එහෙත් ඔවුන් පවසන්නේ කුමන ආකාරයකින් හෝ කිසිවෙකු වහා ම ආරක්ෂක අංශ ඇමතීමට පියවර ගතයුතු වුව ද තව ම ත් එවැන්නක් සිදු ව නොමැති බව ය.

ගුවන් යානයේ සිටි මගීන් කවර ජාතියකට අයත් පුද්ගලයින් දැයි මොසැම්බික් ගුවන් සමාගම තව ම ත් හෙළි කර නොමැත.

කෙසේ වුවත් නැමීබියාවේ පොලිස් ප්‍රධානියා පවසන්නේ අතුරුදන් වූ  ගුවන් යානය සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භකර ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]