මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
බැංකොක් අගනුවර ආරක්ෂාව තර කෙරේ

බැංකොක් අගනුවර ආරක්ෂාව තර කෙරේ

බැංකොක් අගනුවර ආරක්ෂාව තර කෙරේ

කර්තෘ Sagarika Chathumali

30 Nov, 2013 | 2:58 pm

තායිලන්තයේ බැංකොක් අගනුවර ආරක්ෂක අංශ තර කර තිබේ.

ඒ එරට අග්‍රාමාත්‍ය යින්ලක් ෂිනවත්‍රාට එරෙහි වි‍රෝධතා උත්සන්න වීම හේතුවෙනි.

තායිලන්ත පොලිසිය පවසන්නේ , මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලු කටයුතු අඩපණ වී ඇති බව ය.

කෙසේ වුවත් අග්‍රාමාත්‍ය කාර්යාලය ආක්‍රමණය කිරීම විරෝධතාකරුවන්ගේ අරමුණ වී ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

තායිලන්තයේ අග්‍රාමාත්‍ය යින්ලක් ෂිනවත්‍රා බලයෙන් පහකළ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂීන් ෂිනවත්‍රාගේ සහෝදරියක වන අතර විරෝධතාකරුවන් පවසන්නේ තක්ෂීන් ෂිනවත්‍රාට  අවශ්‍ය පරිදි යින්ලක් එරට පාලනය සිදු කරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]