බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගින්න නිවා දැමේ

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගින්න නිවා දැමේ

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගින්න නිවා දැමේ

කර්තෘ Sagarika Chathumali

30 Nov, 2013 | 2:19 pm

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කැනපි ගොඩනැගිල්ලේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන් නිවා දමා තිබේ.

ගිනි නිවීම් සේවා  දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නවීම සඳහා ගිනි නිවීම් සේවා රථ 10ක් එම ස්ථානයට යොමු කළ බව ය.

අද උදෑසන 11.15ට පමණ ගින්න හට ගත් අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව අලුත්වැඩියා කිරීම සඳහා වසා තැබූ කාල සීමාව තුළ පැවති උත්සව සඳහා යොදා ගැනුණේ, එම ශාලාවයි.

එමෙන් ම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආවරණය සඳහා පැමිණි මාධ්‍යවේදීන් සඳහා වෙන් කර තිබුණේ, අද ඇති වූ ගින්නෙන් විනාශ වූ එම ගොඩනැග්ල්ලයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව ය.

BMICH FIRE2

BMICH FIRE3

 

BMICH FIRE4

BMICh Fire1

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]