ලබන වසරේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් වෙළඳපොළට

ලබන වසරේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් වෙළඳපොළට

ලබන වසරේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් වෙළඳපොළට

කර්තෘ Chathuranga Rajapaksha

29 Nov, 2013 | 4:09 pm

ලබන වසර මුල සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම් වේ.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, එම ඉන්ධන, වාහන එන්ජින් ක්‍රියාකාරීත්වයට මෙන්ම පරිසරයට ද හිතකාමී වනු ඇති බව ය.

ඔක්ටේන් 92, 95 සහ 97 යන පෙට්‍රල් ජාත්‍යන්තර මට්ටමේ භාවිත කෙරේ.

සුසන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, දේශීය වශයෙන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ද මේ වනවිට සැලසුම් කරගෙන යන බව ය.