ඔබේ විවාහය සාර්ථක ද? එය සෙවීමට ක්‍රමවේදයක්

ඔබේ විවාහය සාර්ථක ද? එය සෙවීමට ක්‍රමවේදයක්

ඔබේ විවාහය සාර්ථක ද? එය සෙවීමට ක්‍රමවේදයක්

කර්තෘ Kumudu Jayawardana

29 Nov, 2013 | 2:01 pm

විවාහ ජීවිතයේ සාර්ථකත්වය මැන බැලීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට මානව විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී ති‍බේ.

‍අධ්‍යයනයේ නිරත වූ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, කිසියම් සහකරුවෙකුගේ හෝ සහකාරියකගේ ප්‍රතිරූපයට අනෙකා දක්වන ප්‍රතිචාරයේ ස්වරූපය මත ‍ඔහුගේ හෝ ඇයගේ විවාහයේ සාර්ථකත්වය රැඳී ඇති බව ය.

ඒ අනුව, සිය සහකරුගේ හෝ සහකාරියගේ ප්‍රතිරූපයට අයහපත් ප්‍රතිචාර දැක්වූවන්ගේ විවාහ ජීවිතය අසාර්ථක බව වසර කිහිපයක් සිදු කළ පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

අලුත විවාහ වූ යුවළ 135ක් සම්බන්ධ කර ගනිමන් පවත්වා ඇති මෙම පර්යේෂණයේදී  ඔවුන් ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගත කළ කාලය තුළින් ද එකිනෙකා කෙරෙහි දක්වන ‍හැඟිම් හඳුනාගෙන ඇත.

අධ්‍යයනය මෙහෙයවූ කණ්ඩායම පවසන්නේ, ම‍නෝ විද්‍යාත්මක පදනමක පිහිටා තමන් එම අධ්‍යයනය සිදුකළ බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]