සිය දැරියන් වසර 2ක් තිස්සේ සිර කරගෙන සිටි අමෙරිකානු යුවළක් කොටුවෙයි (වීඩියෝ)

සිය දැරියන් වසර 2ක් තිස්සේ සිර කරගෙන සිටි අමෙරිකානු යුවළක් කොටුවෙයි (වීඩියෝ)

කර්තෘ Kumudu Jayawardana

28 Nov, 2013 | 4:34 pm

සිය සුළු පියා සහ මව විසින් වසර දෙකකට ආසන්න කාලයක් නිවසේ සිර කරනු ලැබ සිටි දැරියන් තිදෙනෙකු අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙන් හමු වී තිබේ.

ඒජන්සි වාර්තා සඳහන් කළේ, ඔවුන්ගේ දෙමාපියන් විසින් මෙම දැරියන් මානසික හා ශරීරික පීඩාවට පත්කරනු ලැබ ඇති බව ය.

මෙම දැරියන් දැනට එරට ළමාරක්ෂක අධිකාරිය භාරයට ගෙන තිබේ.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ, වයස අවුරුදු 12 සහ 13 වියේ පසුවන දැරියන් දෙදෙනෙකු සිය සුළු පියා පිහියක් ගෙන තමන් පසුපස ලුහුබඳින බව පවසමින් අසල්වැසි නිවැසියන්ගේ සහය ඉල්ලා ඇති බව ය.

එම දැරියන් සිර කරගෙන වද හිංසා පමුණුවා ඇති බව හෙළි වී ඇත්තේ, ඉන් අනතුරුව ය.

පසුව පොලීසිය ගොස් පරීක්ෂා කළ පසු අදාළ නිවසේ සිර කරගෙන සිටි 17 හැවිරිදි තවත් දැරියක හමු වී තිබේ.

ඔවුන් තිදෙනා සය මසකින් පමණ ස්නානය කර නොතිබූ අතර මන්දපෝෂණ ස්වභාවයකින් පෙළෙන බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]