විශිෂ්ට කලාකරුවෙකු වූ තිස්ස අබේසේකරයන්ට ජනපතිගෙන් උපහාර

විශිෂ්ට කලාකරුවෙකු වූ තිස්ස අබේසේකරයන්ට ජනපතිගෙන් උපහාර

කර්තෘ Chathuranga Rajapaksha

28 Nov, 2013 | 6:42 pm

තිස්ස අබේසේකර අභිනන්ද උළෙල ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

එම උළෙල පැවැත්වුණේ, මෙරට බිහිවූ විශිෂ්ටතම සිනමාකරුවෙකු, ටෙලි නාට්‍යවේදීයෙකු, සාහිත්‍යධරයෙකු, විචාරකයෙකු වූ දිවංගත තිස්ස අබේසේකරයන්ගෙන් මෙරට කලා ක්ෂේත්‍රයට ඉටුවූ මෙහෙවර ඇගයීම වෙනුවෙනි.

තිස්ස අබේසේකර මහතා ජාතික චිත්‍රපට සංස්ථා‍ව ඇතුළු ආයතන කිහිපයකම සභාපති හා අධ්‍යක්ෂ තනතුරු ද හොබවනු ලැබිණි.

අජීත් ගලප්පත්ති මහතා රචනා කළ ‘තිස්ස  ග්‍රන්ථය’ සහ රෝහණ දන්දෙනිය මහතා රචනා කළ ‘නික්ම නොගිය අප්‍රමාණ මිනිසා’ ග්‍රන්ථය ද දොරට වැඩීම සිදුවුණේ තිස්ස අබේසේකර අභිනන්ද උළෙලට සමගාමීවයි.

තිස්ස අබේසේකර කෙටි චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයින්ට එහිදී සම්මාන ප්‍රදානය කෙරුණු අතර සුදත් රෝහණ මහතා නිර්මාණය කළ ‘තිස්ස අබේසේකර වාර්තා චිත්‍රපටය’ ද එහිදී ප්‍රදර්ශනය කෙරිණ.