රග්බි ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන්

රග්බි ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන්

රග්බි ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන්

කර්තෘ Chathuranga Rajapaksha

28 Nov, 2013 | 7:03 pm

2015 වසරේ දී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය සදහා වන ප්‍ර‍වේශ පත්‍ර මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

2015 වසරේදී එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට තරග 48 ක් ඇතුළත් ය.

එහි අවම ප්‍රවේශ පත්‍රයක මිල ලෙස සදහන් කර ඇත්තේ, ළමුන් සදහා පවුම් 7ක් සහ වැඩිහිටියෙකු සදහා පවුම් 15ක් ලෙස ය.

තරග 41ක් සදහා ළමා ප්‍රවේශපත් නිකුත් කිරීමට සංවිධායකයන් තීරණය කර ඇති අතර ක්‍රීඩාවට ළමා ප්‍රජාව‍ගේ ආකර්ෂණය වැඩි කිරීම එහි අරමුණ වේ.

මෙවර තරගාවලියට වැඩි ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට ද සංවිධායකයන් වැඩි අවධානයක් යොමු කර තිබේ.

තරගාවලියේ අවසන් තරගයේ ඉහළම මිලෙන් යුත් ආසන කාණ්ඩයේ ප්‍රවේශ පතක උපරිම මිළ පවුම් 715ක් ලෙස ක්වා ඇති අතර එම කාණ්ඩයේ අවම ප්‍රවේශ පතක මිළ  පවුම් 150ක් වනු ඇති.

කෙසේ වෙතත් එංගලන්තය සහභාගීවන පළමු වටයේ තරග සදහා වන ප්‍රවේශ පත්වල වටිනාකම සාමාන්‍ය මිළට වඩා ඉහළ අගයකින් යුතු වේ.