මහරින් පැන ගිය සිරකරුවන්ට ජේලර්ලා උදව් කළ බවට සැකයක්

මහරින් පැන ගිය සිරකරුවන්ට ජේලර්ලා උදව් කළ බවට සැකයක්

මහරින් පැන ගිය සිරකරුවන්ට ජේලර්ලා උදව් කළ බවට සැකයක්

කර්තෘ Staff writer

28 Nov, 2013 | 12:38 pm

මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් පිරිසක් පැන ගිය දිනයේදී එහි සේවය කළ යුතුව සිටි නිලධාරීන් 24 දෙනෙකු දැනුම් දීමකින් තොරව සේවයට වාර්තා කර නොතිබූ බව අනාවරණය වී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ප්‍රකාශ කළේ, පසුගිය 23 වන දා පස්වරුවේ සිරකරුවන් 4 දෙනෙකු බන්ධනාගාරයෙන් පැන ගිය බව ය.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන ජේලර්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.

එහි වාර්තාව ලද විගස අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

පැන ගිය සැකකරුවන් සිව් දෙනා මෙතෙක් අල්ලා ගැනීමට හැකි වී නැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]