ශිකර් ධවාන් කොදෙව්වන්ගෙන් ජය උදුරා ගනී

ශිකර් ධවාන් කොදෙව්වන්ගෙන් ජය උදුරා ගනී

ශිකර් ධවාන් කොදෙව්වන්ගෙන් ජය උදුරා ගනී

කර්තෘ Chathuranga Rajapaksha

27 Nov, 2013 | 7:30 pm

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය ඉන්දීය කණ්ඩායම අද ජය ගත්තේය.

ඒ, තරගාවලියේ අවසන් තරගය කඩුලු 5කින් ජය ගැනීමත් සමගිනි.

කාන්පූර්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5කට ලකුණු 263ක් රැස් කළේය.

පස්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු කිරන් පවෙල් ලකුණු 70ක් ලබා ගත්තේය.

මාලන් සැමුවෙල්ස් 4 පහර 7ක් හා එක් 6 පහරක් ද සහිතව ලකුණු 71ක් රැස් කළේය.

රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 45 ට කඩුලු 2ක් ලබා ගත්තේය.

රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් ඉන්දීය පිළිතුරු  ඉනිම ආරම්භ කළේය.

ශර්මාට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 4ක් පමණි.

යුවරාජ් සිං 51 වැනි එක්දින අර්ධ ශතකය රැස් කළේය.

ආරම්භක පිතිකරු ශිකර් ධවාන් අද වාර්තා 5 වැනි එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය.

ඔහු ලබාගත් ලකුණු ගණන 119කි.

පන්දුවාර 46යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් දැවී තිබියදී ඉන්දියාව තරගය ජය ගත්තේය.

ඒ අනුව ඔවුන් තරගාවලිය ජය ගත්තේ තරග 2ට 1ක් ලෙස ය.