නේපාලයත් 20යි 20 ලෝක කුසලානයට

නේපාලයත් 20යි 20 ලෝක කුසලානයට

නේපාලයත් 20යි 20 ලෝක කුසලානයට

කර්තෘ Chathuranga Rajapaksha

27 Nov, 2013 | 7:21 pm

නේපාලය එළැඹෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක  කුසලාන තරගාවලියට අද සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, අබුඩාබිහිදී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගයෙන් හොංකොං කණ්ඩායම කඩුලු 5කින් පරාජය කිරීමත් සමගිනි.

ලබන වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග මැදපෙරදිගදී  පැවැත්වේ.

ඒ අනුව  නේපාලය සහ හොංකොං කණ්ඩායම අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද පැවැත්වුණේ අබුඩාබිහිදී ය.

පළමුවෙන් පන්දුවට පහරදුන් හොංකොං කණ්ඩායම කඩුලු 8කට ලකුණු 143ක් රැස් කළේය.

නේපාලය තරගය ජය ගත්තේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී තිබියදී ය.

එළැඹෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ටෙස්ට් වරම් දිනූ රටවලවලට අමතරව එක්වන කණ්ඩායම්  සදහා

සුදුසුකම් ලබා ගැනීමේ තරග පැවැත්වෙන්නේ කාණ්ඩ දෙකකින් ය.

එම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට කණ්ඩායම් 16ක් එක්වන අතර, ඉන් කන්ඩායම් 6ක් එළැඹෙන 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානයට පිවිසෙනු ඇති.

ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය සහ නේපාලය මේ වනවිට එළැඹෙන 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා අවසන් ය.