අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

කර්තෘ Chathuranga Rajapaksha

27 Nov, 2013 | 8:35 pm

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු නිලවරණය කල් දමන ලෙසටත්,  මෙරට ක්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධනය කරන ලෙසටත් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව අද ශ්‍රී  ලංකාවට උපදෙස් දී තිබේ.

එම කමිටුව පවසා ඇත්තේ ඔලිම්පික් කමිටුව යටතේ ඇති ක්‍රීඩා සම්මේලනවල නිලවරණ යළි පවත්වා එම නිලවරණ සහ ව්‍යවස්ථා ඒ ක්‍රීඩාවලට අදාළ මව් ජාතික සම්මේලන මගින් අනුමත කර ගන්නා ලෙස ය.

ක්‍රීඩා අමාත්‍යවරයා හා ඔලිම්පික් කමිටු නිලධාරීන් ලොසෑන්හිදී අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් හමුවූ අවස්ථාවේදී අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව මේ බව පවසා තිබේ.