බඩු මිල ඉහළ දාන්න දෙන්නේ නැහැ – ඇමති ජොන්ස්ටන්

බඩු මිල ඉහළ දාන්න දෙන්නේ නැහැ – ඇමති ජොන්ස්ටන්

කර්තෘ Kumudu Jayawardana

26 Nov, 2013 | 2:39 pm

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම ද්‍රව්‍යවල මිල ඉහළ යන බවට ජනතාව අතර සැකයක් පවතින බව ය.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

ඔහු එහිදී පැවසුවේ, කිරි පිටි මිල ඉහළ දැමීමට සමාගම් කිහිපයක් අවසර ඉල්ලා ඇති නමුත් එම මිල ගණන් කඩිනමින් ඉහළ දැමීමට ඉඩ නොදෙන බව ය.

කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.