පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලංකාවට තව ත් රන් පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලංකාවට තව ත් රන් පදක්කමක්

කර්තෘ Sagarika Chathumali

26 Nov, 2013 | 7:23 pm

දිනූදා අබේසේකර පොදුරා‍ජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 48 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අද සමත් වූවා ය.

එය අදාළ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද වේ.

16 හැවිදිරි දිනූදා අබේසේකර බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමු වූයේ පො‍ළොන්නරුව රාජකීය විද්‍යාලයෙනි.

ස්පෝර්ට්ස්ෆස්ට් දුක දිනන දක්ෂයෝ විශේෂාංගයෙන් මුළු රටටම හඳුන්වා දුන් ඇය කිලෝග්‍රෑම් 48 බර පන්තියේ ජාතික ශූරිය ද වන්නී ය.

ඇය අද මලයාසියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ යොවුන් ශූරතාවලියේදී එම ඉසව්වෙන් රන් පදක්කම දින ගත්තේ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 74 ක් හා ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 62 ක් ඔසවමිනි.

දිනූදා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී බර ඉසිලීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ පළමු වැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ද වන්නී ය.

මේ අතර නාවික හමුදාවේ ඉන්දික දිසානායක, එම  ශූරතාවලියේ ජ්‍යේෂ්ඨ අංශයේ දී කිලෝ ග්‍රෑම් 62 පිරිමි බර පන්තියෙන් ලෝකඩ පදක්කම අද හිමිකර ගත්තේ ය.