දැනුමක් නැති ස්වාමීන් වහන්සේ ‍එහෙට මෙහෙට ගියාට ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ

දැනුමක් නැති ස්වාමීන් වහන්සේ ‍එහෙට මෙහෙට ගියාට ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ

කර්තෘ Sagarika Chathumali

26 Nov, 2013 | 8:29 pm

සංචාරක කාර්මාන්තයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීමට නම් වර්තමානයේ විවාදයට තුඩු දී ඇති  විනෝදාත්මක කටයුතු ඇතුළු නවීණ සේවාවාන් ලබා දීමට කටයුතු කළ යුතු ව ඇතැයි නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

[quote]සංචාකරක කර්මන්තය දියුණු කරන්න පුලුවන් කියලා කියනවා නම් නවීන විනෝදාංශ නැතුව ඒක මොන පිස්සු කතාවක්ද?  ඒක කරන්න පුලුවන් දෙයක්ද  සී අකුරෙන් එන තහනම් වචනය ඇතුළු විනෝදාංශ  විවිධාකාරයේ සේවා සැපයිය යුතුයි[/quote]

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, එක්සත් ජාතීන්ගේ ආර්ථීක හා සමාජීය කොමිසමේ ආසියා පැසිපික් වෙළෙඳ හා ආයෝජන වාර්තාව එළිදැක්වීම වෙනුවෙන් අද කොළඹදී පැවැති උත්සවය අමතමිනි.

ඔහු එහිදී වැඩි දුරට ත් පෙන්වා දුන්නේ,  භික්ෂුන් වහන්සේ ඇතුළු ඒ පිළිබඳ නොදැනුවත් පිරිස් කරන බලපෑම්වලින් තම ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි බව ය.

[quote]මේ පිළිබඳව කිසිම දැනුමක් නැති ස්වාමීන් හන්සේලා ‍එහෙට මෙහෙට ගියා කියලා මම හිතන් නෑ අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා[/quote]

අය වැය තුළින් ආනයනික භාණ්ඩවල මිල ඉහළ දැමීම පිළිබඳව ද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා මෙහිදි අදහස් පළ කළේ ය.

[quote]මේක පත්තරවල හරියට ලියන්න, අපි  මිල වැඩි කරලා නැහැ දේශීය කෘෂිකාර්මික, කාර්මික හෝ වානිජ භාණ්ඩවල[/quote]