තායිලන්තයේ අමාත්‍යාංශ කිහිපයක් විරෝධතාකරුවන් යටතට

තායිලන්තයේ අමාත්‍යාංශ කිහිපයක් විරෝධතාකරුවන් යටතට

තායිලන්තයේ අමාත්‍යාංශ කිහිපයක් විරෝධතාකරුවන් යටතට

කර්තෘ Sagarika Chathumali

26 Nov, 2013 | 5:02 pm

තායිලන්තයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින් එරට අමාත්‍යාංශ කිහිපයක් තමන් යටතට ගෙන තිබේ.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී ඇත්තේ, අග්‍රාමාත්‍ය යින්ලක් ෂිනවත්ගේ ආණ්ඩුව ඉල්ලා අස් විය යුතු බව ය.

දැනට රටින් පිටුවහල්ව දිවි ගෙවන හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවත්, යින්ලක් ෂිනවත්ගේ වත්මන් ආණ්ඩුව පාලනය කරන බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.

මේ අතර තායිලන්තයේ මුදල් අමාත්‍යංශයට පහර දී ඇති විරෝධතාකරුවන් එහි කොටසක බලය අත්පත්කර ගෙන තිබේ.

කෙසේ වුවත් මෙම  විරෝධතා තායිලන්තයේ අභ්‍යන්තරික සංවර්ධනට මෙන් ම සංචාරක කර්මාන්තයට දැඩි ව බලපාන බව යින්ලක් ෂිනවත්‍රා මාධ්‍යය වෙත ප්‍රකාශ කර තිබේ.