අමෙරිකාවට සොබාදහමෙන් තර්ජන!

අමෙරිකාවට සොබාදහමෙන් තර්ජන!

කර්තෘ Kumudu Jayawardana

26 Nov, 2013 | 8:56 am

අමෙරිකාවේ ටෙක්සාස් නගරයට බලපෑ අයිස් කුණාටුවකින් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අමෙරිකානු කාලගුණ විද්‍යා බලධාරීන් පවසන්නේ, කුණාටුවේ බලපෑම් හේතුවෙන් අමෙරිකාවේ බටහිර කලාපයේ මාරක රිය අනතුරු 10 ක් පමණ වාර්තා වී ඇති බව ය.

මෙම අනතුරුවලින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විශ්වාස කෙරේ.

එහෙත් මිය ගිය සංඛ්‍යාව නිශ්චිත වශයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ දුම්රිය ගමන් වාර සිය ගණනක් ද අවලංගුකර තිබේ.