පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශ්‍රී ලංකාවට තව ත් රන් පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශ්‍රී ලංකාවට තව ත් රන් පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශ්‍රී ලංකාවට තව ත් රන් පදක්කමක්

කර්තෘ Sagarika Chathumali

25 Nov, 2013 | 10:20 pm

ගුවන් හමුදාවේ තිලංක පළඟසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී  කනිෂ්ඨ අංශයේ රන් පදක්කමක් හිමි කර ගත්තේ ය.

ඒ කිලෝ ග්‍රෑම් 56 බර පංතියෙන් තරග කරමිනි.

ඔහු ශූරතාවලියේ එම කාණ්ඩයෙන් ජ්‍යෙෂ්ඨ අංශය ද නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමි කර ගත්තේ ය.

මලයාසියාවේ පෙනාංග්හි මෙවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය අද අරම්භ වූ අතර එහි කිලෝග්‍රෑම් 56 බර පංතියේ තරග අද සවස පැවැත් විය.

එහි කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ යන අංශ දෙකම නියෝජනය කළ ගුවන් හමුදාව නි‍යෝජනය කරන තිලංක පළගසිංහ එහිදී ක්ලීන් ඇන්ඩ් ජර්ක් හා ස්නැච් ක්‍රමයෙන් ඔසවපු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 241කි.

එය ශ්‍රී ලංකා වාර්තාව සම කිරීමක් ද වේ.

එම අංශයෙන් ම තරග කරමින් ක්ලීන් ඇන්ඩ් ජර්ක් හා ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 233ක දක්ෂතාවයක් දැක් වූ යුද හමුදාවේ සංගීත් විජේසූරිය කනිෂ්ඨ අංශයේ ලෝකඩ පදක්කමට හිමිකම් කර ගත්තේ ය.