පකිස්ථාන සංචාරයේ 20යි 20න් රංගන ඉවතට: මහේලට නිවාඩුවක්

පකිස්ථාන සංචාරයේ 20යි 20න් රංගන ඉවතට: මහේලට නිවාඩුවක්

පකිස්ථාන සංචාරයේ 20යි 20න් රංගන ඉවතට: මහේලට නිවාඩුවක්

කර්තෘ Chathuranga Rajapaksha

25 Nov, 2013 | 7:43 pm

පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20යි 20 සහ එක්දින තරගාවලියට මහේල ජයවර්ධන සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

එම තරග සංචාරයේ  20යි 20 තරගාවලිය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඇතුළත් නොවීම ද විශේෂත්වයකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන මස 11 වන දා ආරම්භ වන තරගාවලිය සඳහා 20යි 20 තරග 2ක් සහ එක්දින තරග 5ක් ඇතුළත් ය.

20යි 20 තරගාවලිය සඳහා නම් කළ 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට පාදඟ පන්දුයවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න හා  මැද පෙළ පිතිකරු කිත්රුවන් විතානගේ  කැඳවා තිබේ.

2015 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර දඟ පන්දුයවන ක්‍රීඩක රංගන හේරත් ද පන්දුවාර 20යි 20 තරගාවලියට නම් නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එක්දින තරග සඳහා සහභාගීවන 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම නම් කිරීමේදී හිටපු නායක මහේල ජයවර්ධන වෙත අවධානය යොමුකර නොමැත.

ඒ, ඔහු පෞද්ගලික හේතූන්මත තරගාවලියෙන්  ඉවත්වීමට ඉල්ලුම් කර තිබී‍ම ඊට හේතුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන් ය.

එක්දින තරගාවලිය සදහාද සීක්කුගේ ප්‍රසන්න හා කිත්රුවන් විතානගේ ඇතුළත් කර ඇති අතර නවසීලන්ත සංචාරයේදී සංචිතගතව සිටි අශාන් ප්‍රියංජනට ද නැවත අවස්ථාව හිමිව තිබේ.

පන්දුවාර 20යි 20 තරගාවලියට නම් කළ සංචිතය –

01- දිනේෂ් චන්දිමාල් (නායක)
02- ලසිත් මාලිංග
03- ටී.එම්.ඩිල්ෂාන්
04- කුසල් ජනිත් පෙරේරා
05- කුමාර් සංගක්කාර
06- ඇන්ජලෝ මැතිව්ස්
07- ලහිරු තිරිමාන්න
08- කිත්රුවන් විතානගේ
09- තිසර පෙරේරා
10- නුවන් කුලසේකර
11- සීක්කුගේ ප්‍රසන්න
12- සුරංග ලක්මාල්
13- සචිත්‍ර සේනානායක
14- අජන්ත මෙන්ඩිස්
15- රමිත් රඹුක්වැල්ල

එක්දින තරගාවලියට නම් කළ සංචිතය –

01- ටී.එම්.ඩිල්ෂාන්
02- කුසල් ජනිත් පෙරේරා
03- දිමුත් කරුණාරත්න
04- කුමාර් සංගක්කාර
05- ඇන්ජලෝ මැතිව්ස් (නායක)
06- දිනේෂ් චන්දිමාල්
07- ලහිරු තිරිමාන්න
08- අෂේන් ප්‍රියන්ජන
09- කිත්රුවන් විතානගේ
10- තිසර පෙරේරා
11- නුවන් කුලසේකර
12- ලසිත් මාලිංග
13- සුරංග ලක්මාල්
14- සචිත්‍ර සේනානායක
15- රංගන හේරත්
16- සීක්කුගේ ප්‍රසන්න