ආයෝජන සඳහා ලොව හොඳ ම රට ඉන්දියාව

ආයෝජන සඳහා ලොව හොඳ ම රට ඉන්දියාව

ආයෝජන සඳහා ලොව හොඳ ම රට ඉන්දියාව

කර්තෘ Kumudu Jayawardana

25 Nov, 2013 | 2:55 pm

ආයෝජන සඳහා ලොව හොඳ ම ගමනාන්තය ලෙස ඉන්දියාව පෙරමුණට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකට ආයතනයක් කළ අධ්‍යනයකින් හෙළිවී ඇත්තේ, එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට බ්‍රසිලය ත්, තුන් වන ස්ථානයට චීනය ත් පත්ව ඇති බව ය.

මෙහි සිව් වන  ස්ථානයට කැනඩාව, 5 වන ස්ථානය‍ට අමෙරිකාව, 6 වන ස්ථානයට දකුණු අප්‍රිකාව, 7 වන ස්ථානයට වියට්නාමය හා 8 වන ස්ථානයට මියන්මාරය පත්ව තිබේ.

මේ සමීක්ෂණය සිදුකර ඇත්තේ, ලොවපුරා රටවල් 70ක පිහිටි දැවැන්ත සමාගම්වල විධායක ශ්‍රේණියේ නිලධාරින් ඇසුරිනි.

පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දීය රජය නිවේදනය ක‍ළේ, සෘජු විදේශ අයෝජන සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කරන බවය.