2012ට සාපේක්ෂව ජනාධිපතිගේ වියදම් 70%කින් වැඩි වෙලා

2012ට සාපේක්ෂව ජනාධිපතිගේ වියදම් 70%කින් වැඩි වෙලා

කර්තෘ Sagarika Chathumali

24 Nov, 2013 | 9:47 pm

අයවැය ප්‍රෝඩාවට එරෙහි ව මෙරට සමස්ත වැඩ කරන ජනතාව පෙළ ගස්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ  මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය මේ බව පැවසුවේ අද පැවැති  ප්‍රවෘත්ති  සාකච්ඡාවකට එක්වෙමිනි.

වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය සම කැඳවුම්කරු  වසන්ත සමරසිංහ මහතා පැවසුවේ, 2012ට සාපේක්ෂව ජනාධිපතිවරයාගේ වියදම් 70% කින් වැඩි වී ඇති බව ය.

”මේ අයවැය කථාවේදී තිබුණ ලොකුම නිවුස් එක තමයි රාජ්‍ය සේවකයාගේ 1200 ක් ජිවන අංකය දෙනවා කියලා කියපු එක 1200 ප්‍රමාණවත් නෑ කියාල අපි කියන්නේ අද එහෙම නැත්නම් මේ පසුගිය මාසේ අවසන් වෙනකොට 49300 හතර දෙනෙකුගේ පවුලේ බඩු මල්ල ජීවන අංකය අනුව මාසෙකට රුපියල් 2633 කින් බදු වැඩි කරන ආණ්ඩුව රජයේ සේවකයාට 1200 දීමනාවක් දෙන්නනම් කියලා කියනවා. 2012ට සාපේක්ෂව70% කින් ජනාධිපතිවරයාගේ වියදම් වැඩිවෙලා. 2014 වෙනකොට අපි අහන්නේ ඒ වැඩිවෙන ඒවාට සාපේක්ෂව ජනාධිපති වැය ශිර්ෂය වැඩිකර ගන්න පුළුවන් නම්, මේ රටේ ශ්‍රමය සපයන සේවකයාගේ පඩි වැඩි කරන්න බැරි ඇයි ?”