”F2 powerboat challenge 2013” තරගාවලියේ ජය බැරී හෝල්ට

”F2 powerboat challenge 2013” තරගාවලියේ ජය බැරී හෝල්ට

”F2 powerboat challenge 2013” තරගාවලියේ ජය බැරී හෝල්ට

කර්තෘ Sagarika Chathumali

24 Nov, 2013 | 10:21 pm

බ්‍රිතාන්‍යයේ බැරී හෝල් ”F2 powerboat challenge 2013” තරගාවලිය ජය ගත්තේ ය.

මෙවැනි සුපිරි බෝට්ටු තරගාවලියක් මෙරටදී පැවැත්වුණේ, පළමු වරට යි.

කොළඹ බේරෙ වැව පරිශ්‍රයේදී අද පැවැති තරගාවලියට විදෙස් නියමුවෝ ද එක් ව සිටියහ.

එහි ෆෝර්මියුලා දෙවැනි කාණ්ඩය අදියර තුනකින් සමන්විත වූ අතර එක් අදියරකට වට 15ක් ඇතුළත් විය.

ජෙට් ස්කී ඇතුළු තරග අංශ රාශියකින් සමන්විත වූ තරගාවලියේ සියලු තරග එම්.ටී.වී. ස්පෝර්ට්ස් නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කළේ ය.

රොහාන් ගුණතිලක එහි ‍ෆෝර්මියුලා කාල ගණන තරග‍යේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය.

රෝහණ කුමාර සහ සමන් කුමාර දෙවැනි සහ තුන්වැනි ස්ථාන දිනා ගත්හ.

බ්‍රිතාන්‍යයේ බැරී හෝල් තරගාවලියේ විශේෂ ඉසව්ව වූ ෆෝර්මියුලා දෙවැනි කාණ්ඩයේ අදියර තුන ම ජයගත්තේ ය.

එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන දිනා ගත්තේ ද බ්‍රිතාන්‍යය යි.