ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

කර්තෘ Sagarika Chathumali

24 Nov, 2013 | 4:42 pm

වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ජොන්සන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව අද විශිෂ්ට ජයක් වාර්තා කළේ ය.

ඔවුන් හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායම පරාජය වුයේ, ලකුණු 381කිනි.

බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 295ට පිළිතුරු ලෙස එංගලන්තයේ සියලු දෙනා ලකුණු 136කට දැවී ගියේ ය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව කඩුලු 7කට ලකුණු 401ක් රැස් කළ අතර ලකුණු 561ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ, ලකුණු 179ක් පමණි.

අද දිනය ආරම්භ වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 2කට ලකුණු 24ක් රැස් කරගෙන සිටියේ ය.

නායක ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 65ක් රැස් කළ අතර ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 37කදී බිඳ වැටිණ.

මිචෙල් ජොන්සන් ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ඔහු ටෙස්ට් තරගයකදී කඩුලු 5ක් දවා ගත් 8 වැනි අවස්ථාව මෙය වේ.

තරගයේ වීරයා සම්මානය දිනූ ජොන්සන් ඉනිම දෙකේදී  කඩුලු 9ක් දවා ගත්තේ ය.