ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සීමාසහිත සම්බාධක

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සීමාසහිත සම්බාධක

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සීමාසහිත සම්බාධක

කර්තෘ Sagarika Chathumali

24 Nov, 2013 | 8:09 pm

ස්විට්ස්ර්ලන්තයේ ජිනිවා නුවර පැවති ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා අද අවසන් විය.

චීනය, අමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනියේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡා නැවත ආරම්භ වූයේ, පසුගිය 20 වන දා ය.

සාකච්ඡා අවසානයේදී රාජ්‍ය නායකයින් හා ඉරානය අතර ඇති වූ එකඟත්වයට අනුව ඉරානයට න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව සීමා සහිත සම්බාධක සහන පැනවෙනු ඇති.

ඒ අනුව ඉරානයට ඩොලර් බිලියන 4.1ක විදේශ ආධාරයක් හිමිවිමට නියමිතයි.

මාස 6ක කාලයක් සඳහා නිල වශයෙන් නැවත න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ කිසිඳු සාකච්ඡාවක් රාජ්‍ය නායකයින් හා ඉරානය අතර නොපවැත්වෙනු ඇති.

එමෙන් ම ඉරානයේ යුරේනියම් බලගැන්වීම සම්පුර්ණයෙන් වැළැක්විය නොහැකි බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් ජාවේඩ් පවසයි.

කෙසේ වෙතත් ඇතිකර ගත් එකඟතාව මත යුරේනියම් බලගැන්වීම 5%ක ප්‍රතිශතයකින් අවම කිරීමට ඉරානය සුදානම් වේ.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී කැතරින් ඈෂ්ටන් පවසන්නේ, ඉරානය සමග ඇති කරගත් ගිවිසුමට අදාළ කරුණු ඉදිරියේදී වෙන් වෙන් ව අධ්‍යනය කරන බව ය.

එමෙන් ම ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරිය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙන බව ත් කැතරින් ඈෂ්ටන් පවසයි.