සුපිරි බෝට්ටු තරගාවලියට සියල්ල සූදානම්

සුපිරි බෝට්ටු තරගාවලියට සියල්ල සූදානම්

කර්තෘ Chathuranga Rajapaksha

23 Nov, 2013 | 7:19 pm

ශ්‍රී ලංකා පවර්බෝට් සංගමයේ මෙහෙයවීමෙන්,  වේගවත් සුපිරි බෝට්ටු තරගාවලියක ආශ්වාදය  ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට විඳ ගැනීමේ අවස්ථාව එම්.ටී.වී ස්පෝර්ට්ස් නාලිකාව ඔස්සේ හිමිවේ.

ඒ, හෙට පැවැත්වෙන එෆ් ටූ පවර්බෝට් චැලේන්ජ් ටූ තවුසන්ඩ් තර්ටීන් තරගාවලියේදී ය.

‍ෆෝර්මියුලා දෙවැනි කාණ්ඩයේ සුපිරි බෝට්ටු තරගාවලියක් මෙරට පැවැත්වෙන්නේ පළමුවැනි වරට ය.

විදේශීය නියමුවන් රැසක් ද ඊට එක්වන අතර, එහි පුහුණුවීම් අද පැවැත්විය.

ජෙට් කී ඇතුළු තරග අංශ රාශියක් එම තරගාවලියට  ඇතුලත් ය.

හෙට  උදෑසන 9ට බේරේ වැව පරිශ්‍රයේදී ආරම්භ වන තරගාවලිය එම්.ටී.වී  ස්පෝර්ට්ස් නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]