ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දඩ නියම වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දඩ නියම වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දඩ නියම වෙයි

කර්තෘ Sagarika Chathumali

23 Nov, 2013 | 8:26 am

නිමා වූ නවසීලන්ත – ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ නියම කළ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ රාත්‍රියේ නිල වශයෙන් දැනුම්  දී තිබේ.

ඒ පෙරේදා රාත්‍රියේ පැවති දෙවැනි හා අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය ඇතුළත නියමිත පන්දු වාර ප්‍රමාණය නොයැවීම හේතුවෙනි.

ඒ අනුව කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අදාළ තරගයේ තරග මුදලින් 10%ක දඩ මුදලකට යටත් වීමට සිදු වන අතර නායක දිනේෂ් චන්දිමාල්ට 20%ක දඩ මුදලකට යටත් වීමට සිදු වනු  ඇති.

දිනේෂ් චන්දිමාල්ගේ නායක්ත්වයෙන් ඉදිරි මාස 6 තුළ එවැනි චෝදනාවකට නැවත වතාවක් වරදකරු වුව හොත් ඔහුට එක් තරගයක තහනමක් ද පැනවෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]