පසුගිය සිව් වසර තුළ කොටස් වෙළෙඳපොළ අයථා ගනුදෙනු 182 ක්

පසුගිය සිව් වසර තුළ කොටස් වෙළෙඳපොළ අයථා ගනුදෙනු 182 ක්

කර්තෘ Chathuranga Rajapaksha

23 Nov, 2013 | 9:14 pm

2013 වසරේදී කොටස් වෙළෙදපොළ අයථා ගනුදෙනු 10 ක් අනාවරණ කරගෙන ඇතැයි නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ය.

සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදි මෙසේ පැවසීය.

“2008 ජනවාරි සිට 2012 දෙසැම්බර් දක්වා කාලය තුළ ලැයිස්තුගත සමාගම් ගනනාවක කොටස් සම්බන්ධයෙන් සාමාන්‍ය ගණුදෙනු රාටාවෙන් බැහැරව ගනු‍දෙනු සිදු කරන ලද අවස්ථා 182 ක් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ආවේක්ෂණ අංශය විසින් ආනාවරණය කර ගන්නා ලදී. 2013 ජනවාරි සිට මේ වනතෙක් එවන් අසාමාන්‍ය ගනුදෙනු රටාවන් පිළිබද සිද්ධින් 10 ක් ආවේක්ෂන අංශය විසින් අනාවරණය කරගනු ලැබ ඇති අතර ඒවායින් දෙකකට අදාලව විමර්ශන ආරම්භ කරන ලදී”