ඉන්දියාව යුද ශක්තියෙන් තවත් පියවරක් ඉදිරියට

ඉන්දියාව යුද ශක්තියෙන් තවත් පියවරක් ඉදිරියට

ඉන්දියාව යුද ශක්තියෙන් තවත් පියවරක් ඉදිරියට

කර්තෘ Chathuranga Rajapaksha

23 Nov, 2013 | 8:02 pm

න්‍යෂ්ඨික ධාරිතාවෙන් යුත් තවත් බැලැස්ටික් මිසයිලයක් ඉන්දියාව අද සාර්ථකව අත්හදා බැලුවේය.

බෙංගාල බොක්කේ ඔඩිෂා වෙරළ තීරයේ නෞකාවක සිට එම මිසයිලය අත්හදා බැලුවේය.

ගොඩබිමේ සිට ගොඩබිමේ ම තවත් ඉලක්කයකට යොමු කළ හැකි එම මිසයිලය තුළින් කිලෝ ග්‍රෑම් 500 – 1000ත් අතර යුද ශීර්ෂ

කිලෝමීටර් 350ක් පමණ දුරට රැගෙන යා හැකි වේ.

එම මිසයිලය අද පෙරවරුවේ අත්හදා බැලුවේ, ඉන්දීය නාවික හමුදා පුහුණු අභ්‍යාසයකින් අනතුරුව ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ අවධානය යොමුව ඇත්තේ, එරටට අවශ්‍ය අවි ඉන්දියාව තුළම නිපදවීමට ය.

විදේශ අවි මිල ගැනීම අඩු කිරීම ඔහුගේ අපේක්ෂාව වී ඇතැයි ඒජන්සි වාර්තා සඳහන් කළේය.