අයවැයෙන් පසු නව බඩු මිල

අයවැයෙන් පසු නව බඩු මිල

කර්තෘ Chathuranga Rajapaksha

23 Nov, 2013 | 8:30 pm

අයවැයෙන් පසු මිරිස්, ටින් මාළු ඇතුළු ඇතැම් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසති.

මෙවර අයවැයෙන් වැඩි කළ ආනයනික  භාණ්ඩ මත අයකරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ සිට ක්‍රියාත්මකයි.

එම සංශෝධන අනුව පිටකොටුව තොග වෙළෙඳ පොළ භාණ්ඩ මිල ගණන් පිළිබඳව නිව්ස්ෆස්ට් විමසා බැලුවේය.

පිටකොටුව තොග වෙළෙන්දෙක් අප සමග මෙසේ පැවසීය.

“සීනි කිලෝ එකකින් රුපියල් 3ක් වැඩි වෙලා තියෙනවා මිරිස් කිලෝ එකට රුපියල් 2ක් වැඩි වෙලා තියෙන්නේ. අනිත් සේරම බඩු රුපියල් 2ක් 1ක් වැඩි වෙලා තියෙන්නේ ඔක්කොම. උම්මලකඩ රුපියල් 10ක් විතර වැඩි වෙලා තියෙන්නේ. ටින් ෆිෂ් අරව මේවා රුපියල් 10කින් වැඩි වෙලා තියෙන්නේ එක ටින් එකට රුපියල් 2, 3කින් වැඩි වෙලා තියෙනවා හාල්, කීරි සම්බා ඔක්කොම මීට අමතරව පොල් තෙල් මිල ද ඉහළ‍ ගොස් තිබේ.

තොග වෙළෙන්ඳෙක් ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.

“බජට් එකෙන් පස්සේ තෙල් රුපියල් 10කින් කිලෝ එක වැඩි වුණා තිබුණට වැඩිය. දැන් තෙල් කිලෝ එකක් රුපියල් 300 දක්වා ඉහළ ගොස් තිබෙනවා”

ඇතැම් පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් පහත බැස ඇති බව ද පිටකොටුව තොග වෙළෙඳුන් පැවසීය.

“රතු ළූණු, බී ළූණු ඔක්කොම අඩු වෙලා තියෙන්නේ. රුපියල් 10, 20 වෙනකල් අඩු වෙලා තියෙනවා. කිලෝ එක 145යි, 145යි 150යි, රතු ළූණු 190යි 195යි”