මේ රටේ තරම් කෑමවලට බදු ගහන රටක් මේ කලාපයේ ම නැහැ

මේ රටේ තරම් කෑමවලට බදු ගහන රටක් මේ කලාපයේ ම නැහැ

මේ රටේ තරම් කෑමවලට බදු ගහන රටක් මේ කලාපයේ ම නැහැ

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2013 | 8:40 pm

අයවැය පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී දේශපාලන  පක්ෂ නියෝජිතයෝ අදහස් පළ කළහ.

වැටුප් වැඩි කිරීම සහ ගොවි විශ්‍රාම වැටුප හරහා ලබා දෙන මුදල මෙන් දෙගුණයකට ආසන්න මුදලක් ආණ්ඩුව බදු ගැසීම

හරහා සොයා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ  දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර  දිසානායක මහතා පවසයි.

”මොනවා හරි සොච්චම් දෙන කෑලි ටික හඩ නගා කියනවා,  හැබැයි ජනතාවට බරපටවන ටික ඇමුණුම් හැටියට දෙනවා. ඒ  නිසා ඒ ඇමුණුම් බලපුවාහම පේනවා. විදුලිසංදේශ බද්ධ 5% කින් වැඩි කරලා. ජංගම දුරකථනයක් පාවිච්චි කරන. එහෙම  නැත්නම් අන්තර්ජාල පහසුකම් පාවිච්චි කරන, මේ හැම
කෙනාගේම බිල ඉහළ යනවා. රේගු බදු වැඩි කිරීම හරහා,  මිලියන දෙලොස්දාහස් හත්සිය පනහක් උපයා ගන්නවා. රේගු බදු වැඩි කරනවා කියන්නේ මොකක්ද? ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අනෙකුත් සියලු භාණ්ඩවල මිල ඉහළ යනවා එතකොට මිලියන 18,200 ක් දෙනවා ගොවියන්ට සහ රාජ්‍ය
සේවකයන්ට හැබැයි ජනතාවගෙන් බදු ගහලා ආණ්ඩුව අපේක්ෂා කරනවා,මිලියන 31750 ක් ,වැටුප් වැඩිකිරීම සහ ගොවි විශ්‍රාම වැටුප හරහා ලබා දෙන මුදල වාගේ, දෙගුණයකට ආසන්න මුදලක් ආණ්ඩුව බදු ගහලා සොයා ගන්නවා”

ශ්‍රී ලංකාව තරම් කෑම සඳහා බදු ගහන රටක් මෙම කලාපයේ ම නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  පැවසී ය.

”ප්‍රධානම දේ කෑම බද්ධ මේක තමයි. අසාධාරණ ම බද්ද, මේ රටේ තරම් කෑම වලට බදු ගහන රටක්, මේ කලාපයේම නැහැ. සීනි ටිකට, මිරිස් කරලට, පරිප්පු ටිකට, ටින් මාලු එකට, අර්තාපල්, ළුලු මේ හැම දේකටම බද්ද ඊයේ කියද කියලා කිව්වේ නැහැ, අද මේ දැන් පොට්ඩකට කලින්, කස්ටම් වෙබ්
සයිඩ් එකේ, ස්කෑන් කරලා දාලා තියෙනවා, වැඩිකරපු බදු ටික, සමහර ඒවාට රුපියල් 800 ක බදු ගහලා කිලෝ එකකට. සමහර ඒවට රුපියල් 200 ක බදු ගහලා කිලෝ එකකට. එතකොට කියන්නේ, දේශීය ව්‍යවසායකයා, ආරක්ෂා කරගැනීම සදහා තමයි මේ බදු දාලා තියෙවනා කියන්නේ. තෝරාගත්තු සමහරුන්ට, අවශ්‍ය වන විදියට මේ බදු දාලා තියෙනවා. නමුත්, අපේ රටේ පාරිභෝගිකයෝ ඉන්නවා, ඇයි පාරිභෝගිකයෝ ගැන හිතන්න අවශ්‍යතාවයක් නැද්ද?”

ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද අයවැය සම්බන්ධයෙන්  අදහස් පළ කළහ.

”මේ අයවැය පුස්සක්. මේක ඇතුළේ මොකවත් නැහැ. අයවැයෙන් ලබාගන්න පුළුවන් සියලුම පෝෂණ මල්ල ලබාගෙන තියෙන්නේ ඇමතිවරුන්ටයි මන්ත්‍රීවරුන්ටයි එහෙමත් නැත් නම් සභාපතිවරුන්ටයි කැෂිනෝ ව්‍යාපාරිකයින්ටයි. සුළු ව්‍යාපාරිකයන්ට කිසිම මේකෙන් දෙයක් ලැබිලා නැහැ. චොගම් එකට වියදම් කරපු මුදල් දැන් ජනතාවගෙන් අල්ලගෙන යනවා”