කතකට අතවර කළ කහටගස්දගිලියේ පූජකවරයෙකු රිමාන්ඩ්

කතකට අතවර කළ කහටගස්දගිලියේ පූජකවරයෙකු රිමාන්ඩ්

කතකට අතවර කළ කහටගස්දගිලියේ පූජකවරයෙකු රිමාන්ඩ්

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2013 | 10:28 pm

විවාහක කාන්තාවක බලහත්කාරයෙන් රැගෙන ගොස් ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් කහටගස්දගිලිය ප්‍රදේශයේ පූජකවරයෙකු දෙසැම්බර් මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකාර පූජකවරයා අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

අතවරයට පත් කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]