අද සිට ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළට

අද සිට ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළට

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2013 | 6:12 pm

අයවැයෙන් යෝජිත ඇතැම් බදු සං‍ශෝධන අද සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව සීනි, පරිප්පු, හාල්මැස්සන්, ලූනු ඇතුළු ආනයනික පාරිභෝගික භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් තිබේ.

මෙවර අයවැයෙන් වැඩි කළ ආනයනික  භාණ්ඩ මත අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද සිට ක්‍රියාත්මක වේ.

එම බදු සං‍ශෝධන අනුව ආනයනික සීනි කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 30 දක්වා ත්, වියළි හාස් මැස්සන් සඳහා කිලෝග්‍රෑම් 1කට රුපියල් 26 දක්වා ත් බදු වැඩි කර තිබේ.

මීට අමතරව ටීන් මාළු, මුං ඇට, කඩල, රට කජු, උම්බලකඩ, කරවල ආදියෙහි ද මිල ගණන් ඉහළ යනු ඇති.

(කිලෝ ග්‍රෑමයකට  රුපියල්)
සීනි                           30
පරිප්පු                       22
හාල් මැස්සන්           26
ටින් මාලු                  102
උම්බලකඩ              302
අනෙකුත් කරවල    102

ෆාම් තෙල් වර්ග, ලුණු , යෝගට්,බටර් ,හා කොත්තමල්ලි,අබ, සුදුරු, මහදුරු, කහ  මෙන්ම  දොඩම් සදහාද ආනයන බදු ඉහළ දමා තිබේ.

(කිලෝ ග්‍රෑමයකට  රුපියල්)
ෆාම් තෙල්               110
යෝගට්                   625
වෙඩරු                    880
මාජරින්                  175
කොත්තමල්ලි        202

මේ අතර ආනයනික ආහාර ද්‍රව්‍ය ගණනාවක් සඳහා වන සෙස් බදු ද ඉහළ දමා තිබේ.

පාන් පිටි, චීස්, මී කිරි ,එළවළු වර්ග මෙන් ම ඇපල් හා ජමනාරන් හැර පළතුරු වර්ග ගණනාවක් හා පළතුරු යුෂ සඳහා ද බදු ඉහළ යනු ඇති.

(කිලෝ ග්‍රෑමයකට  රුපියල්)

දොඩම්                             35
මිදි                                    130
මිරිස්  කුඩු                         150
කහ කුඩු                            510

ආනයනික චොකලට්, රසකැවිලි, සොසේජස් හා සැකසු ආහාර, විනාකිරී, සෝස්, සුප්, අයිස්ක්‍රීම්, කෝපි, ගම්මිරිස් , වැනිලා, වැනි ආහාර ද්‍රව්‍ය සඳහා ද සෙස් බදු ඉහළ දමා තිබේ.

බදු සංශෝධන අනුව අද සිට සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 3කින් ඉහළ දමා ඇතැයි පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා තොග වෙළෙඳ සංගමය පවසයි.

එම සංගමය පැවසුවේ අනෙකුත් මිල ගණන් හෙට දිනයේ දී තීරණය කරන බව ය.

සබන් හා සේදුම් දියර වර්ග, මුදුරු දගර ,ඉටිපන්දම්, බැටරි, සනීපාරක්ෂක තුවා, ගෝස් ආදියේ ද සෙස් බදු මෙවර අයවැයෙන් වැඩි කර තිබේ.

ආනයනික පෝට්ලන්ඩ් සිමෙන්ති, තීන්ත හා වාර්නිෂ්, වානේ නිෂ්පාදන, ඇළුමිනියම් බට හා පොලු, ඉබි, අඟුල්  සරනේරු , ගෘහ භාණ්ඩ, රබර් නිෂ්පාදන හා නිෂ්පාදන යන්ත්‍ර සඳහා ද මෙම බදු වැඩිවිම් අදාළ යි.