ලොකු ලූනු මිල පහළ යන ලකුණු

ලොකු ලූනු මිල පහළ යන ලකුණු

ලොකු ලූනු මිල පහළ යන ලකුණු

කර්තෘ Kumudu Jayawardana

21 Nov, 2013 | 11:47 am

පෞද්ගලික අංශය ආනයනය කළ ලොකු ලූනු කන්ටේනර් 80ක් කොළඹ වරායට පැමිණ ඇති බව ලංකා සතොස සභාපති නලින් ප‍්‍රනාන්දු මහතා පවසයි.

පසුගිය කාලසීමාවේදී ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 240 – 300ත් අතර මට්ටමක පැවතිණි.

මෙම ලොකු ලූනු තොගය පැමිණීම ත් සමග ලොකු ලූනු මිල පහත වැටෙනු ඇතැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය විශ්වාසය පළ කරයි.

මෙම ලොකු ලූනු කන්ටේනර් පිළිබඳව තොරතුරු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් පාරිභෝගික අධිකාරිය  සිදුකළ විමර්ශනයකදී ලැබී ඇත.

මෙම ලොකු ලූනු තොගය වෙළෙඳපොළට පැමිණි පසු ලොකු ලූනු මිල පහත නොවැටුණහොත් දින 3ක් ඇතුළත ලංකා සතොස හරහා රුපියල් 130ට වඩා අඩුවෙන් ලොකු ලූනු අලෙවි කිරීම ආරම්භ කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ලොකු ලූනු සඳහා පනවා තිබුණු බදු මුදල අඩු කිරීම පුද්ගලික අංශය ලූනු ආනයනය කිරීම කඩිනම් කිරීමට හේතු වූ බවත් අමාත්‍යවරයා පවසයි.