දකුණු අප්‍රිකාවට වැස්ස ජය ගෙනෙයි

දකුණු අප්‍රිකාවට වැස්ස ජය ගෙනෙයි

දකුණු අප්‍රිකාවට වැස්ස ජය ගෙනෙයි

කර්තෘ Chathuranga Rajapaksha

21 Nov, 2013 | 12:30 pm

පකිස්ථානය සමග පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව කඩුලු 4 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ජොහැනස්බර්ග් හී පැවති තරගයේ කාසියේ වාසිය දිනු පකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු ගණන 153කි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්වයිටොන් ඩි කොක් පන්දු 33 දී ලකුණු 43ක් ලබා ගත්තේය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.

හෂීම් අම්ලා ලකුණු 31 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 9 යි පන්දු 1 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 60

ක් ලබා සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව දකුණු අප්‍රිකාවට කඩුලු 4 කින් තරගයේ ජය හිමිවිය.

තරග දෙකකින් සමන්විත 20 යි 20 තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ද දකුණු අප්‍රිකාව සමත්ව සිටී.

දකුණු අප්‍රිකාවේ ක්වයිටොන් ඩි කොක් ට තරගයේ වීරයා සම්මානය හිමිවිය.