ඩිල්ෂාන් සහ කුසල්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් 20යි 20 කුසලානය සිංහයින්ට

ඩිල්ෂාන් සහ කුසල්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් 20යි 20 කුසලානය සිංහයින්ට

ඩිල්ෂාන් සහ කුසල්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් 20යි 20 කුසලානය සිංහයින්ට

කර්තෘ Chathuranga Rajapaksha

21 Nov, 2013 | 10:28 pm

නවසීලන්තය සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ, අද පැවති දෙවන තරගය කඩුලු 8කින් ජය ගැනීමත් සමගිනි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමිවිය.

මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළේය.

ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 7ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තේය.

නොදැවී ලකුණු 34ක් ලබා ගැනීමට සමත් විය.

සිය මංගල පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ රමිත් රඹුක්වැල්ල පන්දුවාර 4කදී ලකුණු 19කදී එක් කඩුල්ලක් දවා ගත්තේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේදි කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහි ඉලක්කය පසු කළේය.

විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 37කදී ලකුණු 57ක් ලබා ගත්තේය.

ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.

තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 59ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය කුසල් ජනිත්ට හිමිවිය.