ඉදිරි දෙවසර සදහා 7% ක ආර්ථික වර්ධන ඉලක්කයක්

ඉදිරි දෙවසර සදහා 7% ක ආර්ථික වර්ධන ඉලක්කයක්

ඉදිරි දෙවසර සදහා 7% ක ආර්ථික වර්ධන ඉලක්කයක්

කර්තෘ Chathuranga Rajapaksha

21 Nov, 2013 | 9:13 pm

ඉදිරි දෙවසර සදහා ආර්ථික ඉලක්ක මෙවර අයවැයෙන් ඉදිරිපත් කෙරිණ.

අයවැය කතාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මෙම දෙවසර තුළ 7% කට වැඩි ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම ඉලක්කය බව ය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ 9 වන අයවැය අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අද අයවැය කතාව අවස්ථාවේ සභාවට නොපැමිණි අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පිරිසක්  සහභාගි වී සිටිය හ.

අයවැය කතාව කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මේ වසරේ මුල් මාස කිහිපයේ ස්වභාවික ආපදා හේතුවෙන් පසුබෑමට ලක්වූ කෘෂි ක්ෂේත්‍රය මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් ඇති බව ය.

මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ වන රජයේ ආර්ථික ඉලක්ක රැසක් ළඟාකර ගෙන ඇතැයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

“රටේ ආර්ථිකය ගැන ඇතමුන් ඉතා අසුබවාදි ලෙස පුරෝකථනය කළද 2006 දි සියයට 15. ‍2 ක්ව පැවැති ද්‍රරිද්‍රතාවය 13 දි සියයට 6.4 දක්වා අඛන්ඩව අඩුවී තිබීම ගැන අපි නිහතමානීව ආඩම්බර විය යුතුයි. පසුගිය වසරේ පැවැති දැඩි නිය‍ගයේ අභියෝගයත් ඉහළ තෙල් මිල හා ජාත්‍යන්තර අස්ථාවරභාවයත් මධ්‍යයේ ආර්ථික කළමනාකරණය කර ගැනීම සඳහා ගනු ලැබු ක්‍රියාමාර්ගය හේතුවෙන් පසුගිය වසරේ වාර්තා වු සියයට 6.4 ක ආර්ථික වර්ධනය ‍මේ වසරේ තුන්වන කාර්තුව වන විට සියයට 7.8 දක්වා වැඩි වි තිබේ. මෙම වසරේදි සියයට හතක් ඉක්මවමින් ආර්ථිකය වර්ධනය වීමත් 2014 දි 16 මැදි කාලයේදි සියයට 7.58 ක ආර්ථික වර්ධනයක් ඇතිකරගත හැකි බවටත් එමෙන්ම සියයට 5.6 උද්ධමන වේගයට වඩා වැඩි වේගයකින් ආර්ථික වර්ධනය ඇතිකරගත හැකි බවටත් ඇති විශ්වාසය තහවුරු වි තිබෙනවා.”

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙරට පැවැත්වීමෙන් ලැබුණු ආර්ථික වාසි පිළිබඳවද ජනාධිපතිතුමා අද අයවැය කතාවේදී අදහස් පල කළේය.

“පොදු රාජ්‍ය මණ්ඩලයේ යරටවල විශාල වෙළඳපොලත් එයට සම්බන්ධ ලෝක වෙළඳපොත් ඉලක්කරගනිමින් අප රටේ ආයෝජන ඉඩ ප්‍රස්ථා ප්‍රවර්ධනය කර ගැනීමට අපිට ලැබුණු අවස්ථාව මෙම සමුළුවේ ලැබුණු ප්‍රධාන ආර්ථික වාසිය වෙනවා. වසර විස්සකට පසුව ආසියා රටක පැවැති මෙම සමුළුව සමස්ත ආසියාවටම කීර්තියක් වන මෙම නැගි එන ආසියාවේ නැගි එන ආර්ථිකය ඉදිරියේ සිටින රටක් ලෙස ලෝක අවධානය ලබා ගැනීමට සමත් වු බවද මම ඔබතුමාට ප්‍රකාශ කර සිටිය යුතුයි”