අඩු මිලකට සින්දු ඩවුන්ලෝර්ඩ් කිරීමේ පහසුකමක් ‘සෝනි’ වෙතින්

අඩු මිලකට සින්දු ඩවුන්ලෝර්ඩ් කිරීමේ පහසුකමක් ‘සෝනි’ වෙතින්

කර්තෘ Chathuranga Rajapaksha

21 Nov, 2013 | 9:58 pm

කැමති ඕනෑම ගීතයක් සහන මිලකට ඩවුන්ලෝර්ඩ් කිරීමේ පහසුකම් සැලසෙන සුවිශේෂී සේවාවක් අද රාත්‍රීයේ මෙරටදී ආරම්භ වේ.

ඒ, සෝනි මියුසික් එන්ටර්ටේයින්මන්ට් හි මියුසික් අන්ලිමිටඩ් සේවාව මගිනි.

සෝනි මියුසික් එන්ටර්ටේයින්ට්මන්හි ඉන්දියාව සහ මැදපෙරදිග රටවල සභාපති ශ්‍රීධර් සුබ්‍රමනියම් මහතා මේ සේවාව පිළිබඳව නිව්ස්ෆස්ට් සමඟ අදහස් පළ කළේය.

“අපිට හරි ආඩම්බරයි මේ මියුසික් අන්ලිමිටඩ් කියන සේවාව අද එළිදක්වන්න ලැබීම ගැන. මේක හරිම සුවිශේෂි පහසුකමක්. අපිට දන්නවා ගොඩාක් අය ඔවුන්ගේ ජංගම දුරකතනය හරහා තමන් කැමති සිංදු මිලදී ගන්නේ. ජංගම දුරකතන පාවිච්චි කරන බොහෝ අයට තියෙන්නේ අඩු ශේෂයක්. ඒ නිසා මේක ආර්ථිකමය වශයෙනත් මේක ලාබදායකයි. රුපියල් 10ක් වැනි සුළු මුදලක් දවසට ගෙවා ඔබ කැමති තරම් සිංදු  සහ වීඩියෝ ඩව්න්ලෝර්ඩ් කිරීමේ හැකියාව පවතී. එම සේවාව ගොඩාක් රටවල්වල ප්‍රචලිතව
පවතිනවා. ඉතිං අපි බලාපොරොත්තුවෙනවා ඒ වගේම ලංකාවේත් මෙය සාර්ථක වෙයි කියලා. මෙම සේවාව තුළ ජාත්‍යන්තර සංගීතය. ඉන්දීය සංගීතය සහ සිංහල සංගීතයත් තියෙනවා. ඉති අපිට හරි සතුටුයි මේ එළ දැක්වීම ගැන”