මෙක්සිකෝව උඩු යටිකුරු කළ ගං වතුර

මෙක්සිකෝව උඩු යටිකුරු කළ ගං වතුර

මෙක්සිකෝව උඩු යටිකුරු කළ ගං වතුර

කර්තෘ Staff writer

20 Nov, 2013 | 9:36 am

මෙක්සිකෝවේ ඇතිවූ ජල ගැලිම් හේතුවෙන් පුද්ගලයින් දහසකට සංඛ්‍යාවක් මේ වනවිට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
දින කිහිපයක් පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙක්සිකෝවේ ප‍්‍රාන්ත කිහිපයක ගංගාවල ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ.
අධිවේගී මාර්ග ඇතුළු මාර්ග රැසක් ද අවහිර වී ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
මේ වනවිට ගංගා 18 ක පමණ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඒ අවට ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ජල ගැලීම්වලින් නිවාසවලට ද හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වර්ෂාපතනයත් සමග පැයට සැතපුම් 50 ක වේගයකින් හමාගිය සුළඟින් ද බලපෑම් එල්ල වී තිබේ.
මෙක්සිකෝ බලධාරින් පවසන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් තුවාල ලැබූ හෝ ජීවිතක්ෂයට පත්වූවන් ‍පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව ය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ද මෙක්සිකෝවට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල විය.