ඔස්ට්‍රේලියා – ඉන්දුනිසියා සබඳතා තාවකාලිකව නවතී

ඔස්ට්‍රේලියා – ඉන්දුනිසියා සබඳතා තාවකාලිකව නවතී

ඔස්ට්‍රේලියා – ඉන්දුනිසියා සබඳතා තාවකාලිකව නවතී

කර්තෘ Staff writer

20 Nov, 2013 | 8:54 pm

ඔස්ට්‍රේලියාව සමග පවත්වන සියලු යුදමය හා බුද්ධිමය සහයෝගිතාවන් තාවකාලිකව නතර කිරීමට ඉන්දුනිසියාව තීරණය කර තිබේ.
ඉන්දුනිසියානු ජනාධිපති සුසිලෝ බැන්ග් බැන්ග් යුධයෝනෝ පැවසුවේ ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ තමන් ඇතුළු නිලධාරින්ගේ දුරකතන සංවාදයන්ට රහසින් සවන්දීමට විරෝධය පළ කිරීමක් ලෙස මෙම තීරණය ගත් බව ය.
ඒ අනුව දෙරට එක් ව පවත්වන ඒකාබද්ධ යුධ අභ්‍යාස, පුද්ගල ජාවාරම් මෙහෙයුම් හා බුද්ධි අංශ තොරතුරු හුවමාරුව තාවකාලිකව නතර කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඔස්ට්‍රේලියාවේ සිටින ඉන්දුනීසියානු තානාපතිවරයා ද පසුගිය සඳුදා යළි සිය රටට කැඳවා ගැනීමට ඉන්දුනිසියාව තීරණය කළේ ය.
ඉන්දුනිසියානු ජනාධිපතිවරයා පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ‍ටෝනි ඇබර්ට්ගෙන් නිල පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව ය.
කෙසේ වෙතත් සාධාරණ බුද්ධි තොරතුරු ලබා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් ඉන්දුනිසියාවෙන් සමාව ගැනිමේ අවශ්‍යතාවක් නැතැයි  ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේ ය.
ඔස්ට්‍රේලියාව හා ඉන්දුනිසියාව මෙලෙස රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක පැට‍ලුණේ හිටපු අමෙරිකානු බුද්ධි තොරතුරු විශ්ලේෂක එඩ්වඩ් ස්නෝඩන් විසින් කරන ලද හෙළිදරව්වකින් අනතුරුව ය.