ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සීමා පැනවීම ගැන ඔබාමා කතා කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සීමා පැනවීම ගැන ඔබාමා කතා කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සීමා පැනවීම ගැන ඔබාමා කතා කරයි

කර්තෘ Staff writer

20 Nov, 2013 | 9:28 am

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සීමා පැනවීම සම්බන්ධයෙන් බලවත් රටවල් සහ ඉරානය අතර තවමත් පැහැදිලි එකඟතාවක් නැතැයි අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා පවසයි.
වෝල්ස්ට්‍රීට්හී ඊයේ පැවැති විධායක කවුන්සිල සමුළුවේදී අදහස් දක්වමින් ජනාධිපති බැරක් ඔබාමා පැවසුවේ ඉරානය සමග ඇති ගණුදෙනුව කෙදිනක අවසන් කිරීමට හැකිවේදැයි නොදන්නා බව ය.
“මෙම ක්‍රියාවලියේදී සම්බාධක පැනවීම තුළින් ඉරානය ඔවුන්ගේ න්‍යාෂ්ටික වැඩසටහන පිළිබදව ජාත්‍යන්තර ප්‍රජාවට සත්‍ය තොරතුරු පවසනවා ද කියලා නිරීක්ෂණය කිරීමට අපිට හැකියාවක් ලැබුණා. අපිට විශ්වාස නැහැ මෙම සතියේදී හෝ ලබන සතියේදී මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිමට හැකියාවක් ලැබේවි ද කියලා. අපේ අපේක්ෂාව පිළිබඳව අපි මුල සිටම ඉරානයට තහවුරු කරලා තිබෙනවා”