ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු පන්දු වාර 20 තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු පන්දු වාර 20 තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

කර්තෘ Staff writer

19 Nov, 2013 | 2:10 pm


නවසීලන්තය සමග අද පැවැත්වෙන පළමු පන්දු වාර 20 ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවනු ඇතැයි කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා‍ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මෙම තරගයට රමිත් රඹුක්වැල්ල සහ සීක්කුගේ ප්‍රසන්න අද තරගයට සහභාගී වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ය.
මෙම තරගය අද රාත්‍රී 7.00ට මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ දෙරට අතර පන්දු වාර 20 තරග 2ක් පවත්වා ඇති අතර තරග දෙක ම තීරණයකින් තොරව අවසන් විය.