ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඔලිම්පික් කමිටුව අතර අර්බුදයක්

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඔලිම්පික් කමිටුව අතර අර්බුදයක්

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඔලිම්පික් කමිටුව අතර අර්බුදයක්

කර්තෘ Staff writer

19 Nov, 2013 | 6:17 pm


ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රියා කලාපය විවේචනය කරමින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, දේශපාලන බලපෑම් එල්ල වන බව හුවා දක්වමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විසින් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කරන ලද ලිපියට රටක් වශයෙන් පිළිතුරු දීමට රජය සූදානම් බව ය.
එම නිවේදනයේ වැඩි දුරට ත් දැක්වෙන්නේ අන්තර් ජාතික ඔලිපික් කමිටුවේ දැනුම් දීම මත ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ පංච පුද්ගල පිරිසක් ලබන 27 වන දා ස්විට්සර්ලන්තයේ ලොසෑන්හිදී  ඔලිම්පික් කමිටු නිලධාරීන් හමු වන බව ය.
එම කමිටුවට අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම, ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක පන්ඩුක කීර්තනන්ද, ඩයන් ගෝමස්, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වෛද්‍ය මයියා ගුණසේකර යන මහත්වරු ඇතුළත් වෙති.
ක්‍රීඩා අමාත්‍යාශය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර මතු ව ඇති අදාළ අර්බුදය පිළිබඳව එම කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් මාධ්‍ය හමුවක් කැඳවා දැනුම් දෙන බව ය.